පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට ස්ථාන මාරුවීම්

Share

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 9 දෙනෙක් හා පොලිස් අධිකාරීවරු  8 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

බස්නාහිර පළාත දකුණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ එස්.ඩබ්.එම්. සේනාරත්න මහතා යාපනය දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර තිබේ.

යාපනය දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ කේ.කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.

Read more

Local News