මාධ්‍යයට සම්බන්ධ කිහිප දෙනෙක් රට අත්හැර යයි

Share

යහපාලන ආණ්ඩුව පැවති පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කිසිදු මාධ්‍යවේදියෙකු රට අත්හැර නොගිය බවත්, එහෙත් වත්මන් රජය බලයට පත්වී දවස් හැටක කාලය තුළ මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු රට අත්හැර ගොස් ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

 

ඒ අනුව අද වනවිට රට තුළ තිබූ මාධ්‍ය නිදහස වෙනස් වෙමින් පවතින බව විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (23 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් රජය යටතේ ජනතාව මෙන්ම මාධ්‍ය බිය ගන්වා රට තුළ විනය සෑදීමට උත්සාහ ගන්නා බවත්, රට තුළ විනය ගොඩනැගිය හැක්කේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා,

“එක එක වචන පාවිච්චි කරනවා අලුත් රජය. විනයක් තියෙන්න ඕන වැනි වචන භාවිත කරනවා. මේක හිතුවද පාසල් යන දරුවන් කියලා. මේ ඇවිල්ලා පුරවැසියන්. පාසල් දරුවන් නෙවෙයි. විනය ගේන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක වීමෙන් පමණයි.

මිනිස්සු භය කරලා මාධ්‍ය භය කරලා මොකක්ද මේකෙන් වෙන්නේ? එක මාධ්‍ය‘වේදියෙක් පසුගිය අවුරුදු හතර තුළ රට අතහැරලා ගියාද? එක්කෙනෙක්වත් රට අතහැරලා ගියේ නෑ. මම කියනවා රට අතහැරලා ගියා නම්, නම් කරන්න කියලා. මේ දවස් හැට තුළදී මාධ්‍යයට සම්බන්ධ කිහිපදෙනෙක්ම දැනටම රට අතහැරලා ගිහිල්ලා” යනුවෙන් පවසා සිටියේය.

Read more

Local News