වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක්

Share

දිවයින පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස්  කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවසීය.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේදී මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අගමැති  හමුවී කෙටි සාකච්ඡාවක යෙදීමටද අවස්ථාව සැලසිණි.

එහිදී ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳව අගමැතිවරයාය දැනුවත් කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.

Read more

Local News