කුමාර් සංගක්කාරගෙන් සිය බිරිඳට රුපියල් ලක්ෂ 38ක් වටිනා අතුරුපසක්

Share

කුමාර් සංගක්කාර විසින් සිය බිරිඳ වන යෙහාලි සංගක්කාර වෙත රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් ‘Marry Me’ යනුවෙන් නම් කර ඇති අතුරුපසක් පිරිනමා තිබේ.

ආනයනය කරන ලද මිල අධික අමුද්‍රව්‍යවලින් මෙම අතුරුපස නිර්මාණය කර ඇත. එහි නිර්මාණය කර තිබූ කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණිකක්ද තැන්පත් කර තිබූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව මානයක් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්නගේ සූපවේදී දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම වටිනා අතුරුපස නිර්මාණය කෙරිණ.

Read more

Local News