හෙරොයින් සමඟ 4ක් තැන් කිහිපයක දී අල්ලයි

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැකිරාව, ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 480ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් 21 සහ 24 හැවිරිදි වියේ පසුවන මාන්නකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

මේ අතර ගල්කිස්ස, බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 400ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට තිබේ.

නිට්ටඹුව, කන්තොට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 260ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

Read more

Local News