විරෝධතාවයක් නිසා ඒ-9 මාර්ගයේ ගමනා ගමනයට බාධා

Share

වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය-නුවර ඒ-9 මාර්ගයේ විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ.

 

වව්නියාව මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා එහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

අද (24) උදෑසන 9.00 ට පමණ ආරම්භ වු මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අවහිර වී ඇති බවද සඳහන්.

Read more

Local News