ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක්

Share

ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.

කැනඩාව සහ නෙදර්ලන්තය අනුව යමින් දේශීය වෙළෙඳ පොළෙන් ඔබ්බට ගංජා විකිණීමේ පරිසරය නිර්මාණය කර ගැනීමට දැනට පවතින රෙගුලාසි වෙනස් කර ගැනීම ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ සැලැස්ම වෙයි.

එවැනි සැලැස්මක් උරුගුවේ සහ ඊශ්‍රායලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

තමන් අනුගමනය කිරීමට යන ක්‍රියාමාර්ගය විදේශිකයන්ට පමණක් නොව දේශීය රෝගීන්ටත් ඵලදායී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසයි.

ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත. එහෙත් දැනට ඔස්ට්‍රේලියාවේ පවතින නීතිය අනුව මත් ද්‍රව්‍යයක් ලෙස ගංජා පාවිච්චිය තවමත් නීති විරෝධී වෙයි.

Read more

Local News