රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Share

නිවසක් බිඳ ලක්ෂ 25 ක් වටින රන් භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (23) දහවල් අවිස්සාවේල්ල හා කොස්ගම පොලිස් වසම්වලදී, 2019.10.22 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ නිවසක් බිඳ රන් භාණ්ඩ හොරකම් කිරීමට අදාළව මෙම සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් සතුව තිබී සොරකම් කල රන් මාලයක් හා ජංගම දුරකථනයක් ද සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 හා 46 වයස්වල පසුවන පුවක්පිටිය හා අත්තරවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම්වලදී අනෙක් රන් භාණ්ඩ සැකකරුවන් විසින් වෙනත් පුද්ගලයින්ට විකුණා ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (24) බොරලැස්ගමුව පොලිස් ස්ථානය මඟින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News