කොරෝනා සිංගප්පූරුවට ඇතුළු වෙයි

Share

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය පිරිස 25දක්වා ඉහළ ගොස් තිබේ.

 

එරට සෞඛ්‍ය අංශ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ලොව පුරා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 830ක් බවට තහවුරුවී ඇති බවයි.

නව අවුරුදු නිවාඩු සමයේ මතුව ඇති මෙම ගැටලුව විසඳීම සඳහා නව අවුරුදු සැමරුම් රැසක් අවලංගු කිරීමට චීනය  හා හොංකොං රාජ්‍ය කටයුතු කර තිබුණි.

මේ අතර නව කොරෝනා වෛරස ආසාදිතයෙක් සිංගප්පූරුවෙන්ද හමුව තිබේ.

චීන චන්ද්‍ර නව වර්ෂ නිවාඩු සමය මේ දිනවල යෙදී තිබේ.

නිවාඩු සමයේදී දේශීය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් ලෙසින් හැබෙයි පළාත සැලකෙයි.

මෙවර නිවාඩු සමයේදීත් හුබෙයි ප්‍රාන්තය වෙත සංචාරය කිරීමට සංචාරකයන් රැසක් ටිකට් පත් වෙන්කරවාගත්තත්, මේ වනවිට චීනය පුරා ශීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් වඩාත් ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන්ට සිදුව තිබේ.

මේ අතර නව අවුරුදු උදාව වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කළ සියලු සංදර්ශන ආදිය අවලංගු කිරීමට ෂැන්හයි හා හොංකොං පරිපාලනය කටයුතු කළේය.

ඒ දැවැන්ත මහජන ඒකරාශීවීම් මගින් රෝගය ශ්‍රීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගරයක් වන වුහාන් නගරය සැලකෙන්නේ නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ නගරය ලෙසයි.

මේ කරුණු සලකා ඒ වෙත සහ ඉන් පිටතට පවතින සියලු ගමනාගමන මාර්ග තාවකාලිකව මුලුමනින්ම වසා දැමීමට රජය කටයුතු කර තිබුණි.

ඒ මඟින් වෛරස ව්‍යාප්තිය පාලනය ඔවුන්ගේ අපේක්ෂාව විය.

2019- nCoV යනුවෙන් විද්‍යාඥයන් විසින් නම් කර ඇති නව කොරෝනා වෛරසය චීනයට අමතරව අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකින්ද සොයා ගැණුනි.

ඒ අතරට අයත් වූ අලුත්ම රාජ්‍යය වන්නේ සිංගප්පූරුවයි.

සිංගප්පූරුව රජය අවධාරණය කර ඇත්තේ, ආසාදිත බවට හඳුනාගැණුනු පුද්ගලයා පිළිබඳ වඩාත් අවධානයෙන් කටයුතු කරන බවයි.

Read more

Local News