රාජ්‍ය අමාත්‍යවරු 7කට විෂය පථයන් ගැසට් කරලා නෑ

Share

රාජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙකුට මෙතෙක් සිය විෂය පථයන් ගැසට් කර නොමැති බව වාර්තා වේ.

 

සුසන්ත පුංචිනිලමේ, පියංකර ජයරත්න, විදුර වික්‍රමනායක, ෂෙහාන් සේමසිංහ, ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය සහ නිමල් ලන්සා යන රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මෙතෙක් සිය විෂයන් හා කාර්යයන් පවරා නොමැති බව සදහන්.

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් සහ කාර්යයන් පවරාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා දැනුම්දී තිබුණි.

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම පසුගිය වසරේ නොවැම්බර් මස 27 වනදා සිදු කෙරුණි.

Read more

Local News