ආණ්ඩුවට චෝදනා තිබෙනවානම් ඒවා වසන් කරන්නේ නෑ

Share

මහබැංකු බැඳුම්කර වංචාවට අදාල චෝදනා වත්මන් ආණ්ඩුවට ඇත්නම් ඒවා වසන් කිරීමට කිසිඳු උත්සාහයක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

කොළඹදී පැවති වැඩසටහනකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු මහබැංකු අධිපතිවරයාට හෝ වත්මන් රජයට විරුද්ධව යම් කිසි චෝදනාවක් ඇත්නම් ඒ පිළිබඳ පිළිතුරු දීමට සූදානම් බවත් කිසිදු කරුණක් ජනතාවගෙන් සැඟවීමට වත්මන් රජයට වුවමනාවක් නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ විනිවිඳභාවයෙන් යුක්තව එක රටක් එක නීතියක් යන තේමාව යටතේ සැමට සාධාරණය, නීතිය, යුක්තිය සමාන ලෙස සැලසීම සඳහා කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News