ඕනෑම දෙයක් පටන් ගැනීම තමයි අමාරු – කිරිඇල්ල

Share

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර මාර්ගය විවෘත කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

 

මහනුවරදී ඊයේ(26) මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මාර්ගයේ ඉදිකිරීම්වලට පසුගිය සමයේ විවිධ පාර්ශ්ව වලින් නොයෙකුත් බලපෑම් එල්ල වූ බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කඩවත-මීරිගම මාර්ගය සකස් කිරීමට චිනයට ලබා දෙන බවට ගිවිසුමක් අත්සන් කර තිබු බවත් පැවසු ඒ මහතා යහපාලන ආණ්ඩුව පැමිණි පසු එය ලබා දුන් බවත් පැවසීය.

අදට අත්සන් කර වසර 4 ක් ගත වී ඇති වුවත් තවමත් සතයක් හෝ හිමිවී නොමැති බවත් පැවසු ඒ මහතා, හිතාමතා එය පරක්කු කර ඇති බවත් එම මාර්ගය සකස් කළේ නම් එහි ගෞරවය යහපාලන ආණ්ඩුවට හිමි වීමට ඉඩ තිබු බවත් කියා සිටියේය.

පොතුහැර-ගලගෙදර කොටස ජපන් ආණ්ඩුවට ලබා දුන් බවත් කියා සිටි කිරිඇල්ල මහතා, එයට තමන්ගේ ආණ්ඩුවේම අය අකුල් හෙළූ බවත් පැවසීය.

2014 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණය ඉලක්ක කර ගනිමින් මුල් ගල් තැබූ බවත් පැවසු ඒ මහතා, “ඕනෑම දෙයක් පටන් ගැනීම තමයි අමාරු“ යනුවෙන් ද කියා සිටියේය.

ආරම්භ කළ පසු එය කුමන ආණ්ඩුවක් පැවතියත් ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් කිරිඇල්ල මහතා පැවසීය.

Read more

Local News