පරාජය වු පක්ෂයක් පාර්ලිමේන්තු බලය ඉල්ලීම මෝඩ වැඩක්ද ?

Share

ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත්තද සහල් මිලෙහි කිසිඳු වැඩීමක් සිදු නොවන බව පරිසර,වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

 

අනුරාධපුරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගම් තුළට පැමිණෙන කූඨ වෙළෙඳුන්ට කිසිවිටෙකත් වී ලබා නොදෙන්නැයි තමා ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

තමන් අමාරුවෙන් නෙළා ගත් අස්වැන්න හදිසියෙන් ලබා නොදෙන බවත් පැවසු අමාත්‍යවරයා, රජය එයට සාධාරණ මිලක් ලබා දෙන බවත් පැවසීය.

ඇතැමුන් හාල් මිල ඉහළ යනු ඇතැයි පවසන බවත් එසේ සිදුවන්නේ නැතැයි ද පැවසු අමාත්‍යවරයා, රුපියල් 85 කට අඩුය හාල් මිල පවත්වා ගැනීමට රජය කටයුතු කරන බවත් කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වු බවත් පැවසු ඒ මහතා, පරාජය වු පක්ෂයක් ලෙස ඔවුන් නැවතත් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට උත්සහ ගන්නේ නම් එය ඉතා මෝඩ කටයුත්තක් බවත් පැවසීය.

Read more

Local News