පැසිපන්දු ක්‍රීඩක කෝබේ හෙලිකොප්ටර් අනතුරකින් මරුට

Share

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් නවදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ද අනතුරින් මියගිය පිරිස අතර වෙයි.

හෙලිකොප්ටරය කඩාවැටෙනවාත් සමඟ එය ගිනිගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ සිටි පිරිස අතර කෝබේ බ්‍රයන්ට්ගේ දියණියක්ද සිටි බවට සඳහන්.

මියගිය කෝබේ බ්‍රයන්ට් ශ්‍රේෂ්ඨ පැසිපන්දු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින අතර ඔහු පස්වතාවක්ම ජාතික පැසිපන්දු ශූරතාවය හිමිකරගෙන තිබේ.

සිදුවීම සම්බන්දයෙන් කැලිෆෝනියා බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News