චීනයේ වූහාන් ක්‍රමයෙන් යථා තත්ත්වයට

Share

නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

 

වූහන් නගරය හුදෙකලා කිරීමත් සමග එහි සුපිරි වෙළඳසැල්වල යම් තරමක ආහාර හිඟයක් පැවැතියත් මේ වන විට එම නගරයේ සුපිරි වෙළඳසැල්වෙත එළළුලු ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය තොග ලෙස සපයා තිබේ.

ඒ අනුව එම නගරයේ සිටින ජනතාවට සුපිරි වෙළඳසැල් වෙත ගොස් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

අනෙක් අතින් වූහන් නගරයේ ඇති විශ්වවිද්‍යාල මේ වන විටත් තම ආපනශාලා තුළින් එහි සිටින සිසුන් වෙනුවෙන් නොමිලයේ ආහාර ලබාදීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇති තිබේ. ඒ අනුව සිසුන්ට ආහාර ගැටලුවක්ද පැන නැගී නොමැත.

මෙම වෛරසය ආසාදනය වූ බවට පැවැසෙන රෝගීන් වෙනුවෙන් චීනය විසින් ප්‍රමාණවත් පරිදි ප්‍රතිකාර ලබාදීම සිදුවෙයි.

රෝගය වැළදීමෙන් මියගොස් ඇති බහුතරය වයස්ගත ප්‍රජාව හා ශ්වසන ආබාධ සහිත වූවෝ වෙති. තරුණ පිරිස් මෙම රෝගය හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා නොවේ.

වූහාන් නගරයේ ජනගහණය මිලියන 11ක් වන අතර වෛරසය ආසාදනය වී ඇත්තේ එම ජනතාවගෙන් 2000කට මදක් වැඩි සංඛ්‍යාවකටය.

එසේම වෛරසය ආසාදනය වූවන් අතරින් රෝගියෙකු මිය යෑමේ අනුපාතය 3%ක් වැනි පහළ මට්ටමක පවතී.

අනෙක් අතින් ඇතැම් රටවල් මෙම තත්ත්වය අනුව ලෝකයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයට යෝජනා කළත් ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර නොමැත.

මෙම  තත්ත්වයට ලෝකයක් ලෙස අවධානය යොමුකළ යුතු වුවත් චීන බලධාරීන් පෙන්වා දෙන්නේ එය පාලනය කිරීමේ හැකයාව චීනයට ඇති බවයි.

Read more

Local News