විදේශිය ආයෝජනය බිඳවැටුණු හේතුව මෙන්න

Share

ජාතික ආරක්ෂාව තහවුරු නොවීමත් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබීමත් නිසා පසුගිය කාලය තුළ ආයෝජකයින් කිසිවකුත් මෙරට නොපැමිණි බවත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වි විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම නිසා ඉදිරි මාසය තුළ ඩොලර් බිලියනයක ආයෝජන මෙරටට ගෙන ඒමට වත්මන් රජයට හැකි වි  තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසිය.

 

ඒ මහතා එසේ පවසා සිටියේ මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට මගි උමං මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදි  වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පසුගිය රජය අවලංගු කළ විශේෂ සංවර්ධන ව්‍යාපෘති වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා විදේශ ආයෝජකයන් දිනා ගැනීම පිණිස ගෙනා විශේෂ සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන යහපාලන ආණ්ඩුව බලයට පැමිණ අහෝසි කළේ ඊටත් වඩා හොඳ වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව කීමෙන් වුවත් බලයෙන්  යන තුරුම ඔවුන්ට එය කර ගැනීමට නොහැකි වුනා.

රටේ ජාතික ආරක්ෂාව වත්මන් ආණ්ඩුව විසින් ඉහළින්ම තහවුරු කර තිබෙන බව ජාත්‍යන්තරය පවා පිළිගත් කාරණාවක්. ඉදිරි මැතිවරණයෙන් තනි රජයක් ගොඩනඟා දේශපාලන ස්ථාවරත්වය ඉහළින්ම ඇති කළ පසු එම කාරණා දෙක විදේශීය ආයෝජකයන් මෙරටට ඇදී ඒමට ප්‍රබල හේතු කාරණා වෙනවා.

ණය බරින් මිරිකෙමින් රට ඉදිරියට ගෙන යාමට නොහැකියි. මේ රටේ අනාගතය තීරණය වන්නේ ඉදිරියේදී මේ රටට එන විදේශීය ආයෝජකයන් මත” බව ද ඒ මහතා පැවැසීය .

Read more

Local News