ටියුෂන් තරඟයෙන් දරුවන් පිඩාවට පත්වෙලා

Share

දවස පුරාම ටියුෂන් තරඟයෙන් පිඩාවට පත්වුණු ලැබෙන සුළු විවේකය පවා  ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

 

එමෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බවද ඒ මහතා පැවසීය.

දරුවන්ගේ මනසෙහි සාහිත්‍යයට ඇති ඉඩකඩ උදුරාගෙන ඇත්තේ නිමක් නොමැති තරඟයකට පැ‍ටලී සිටින වැඩිහිටියන් විසින් බවද හෙතෙම සඳහන් කළේය.

කථානායකවරයා මේ බව සදහන් කළේ ඊයේ (26) දෙහිවල එස්.ඩි.එස් ජයසිංහ ශ්‍රවණාගාරයේ පැවති අගනුවර තරුණ කවි සමාජයේ 85 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මෙහීදි කවි කිවිඳියන් වෙනුවෙන් කිවිපති, කාව්‍යශුරී,කාව්‍ය ශක්ති සම්මාන පිරිනැමුණු අතර නව පරපුරේ තරුණ කවි කිවිඳියන් සහ පාසල් කවි සමාජයන්හි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ද සම්මානයට පාත්‍ර වුහ.

Read more

Local News