ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජාතික බර ඉසිලීමේ සමස්ත ශුරතාවය

Share

ජාතික බර ඉසිලීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.

තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට පළගසිංහ පී.කේ.අයි.බි.කේ සම්මාන හිමි කර ගත් අතර එම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා ගෝමස් බී.ඩී.එච් සම්මාන හිමි කර ගන්නා ලදි.

මෙහිදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්කම් දක්වන ලදි. කණිෂ්ඨ අංශයේ පිරිමි අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.

 

Read more

Local News