හෙරොයින් සහ අයිස් සමඟ සැකකරුවෙක් ගල්කිස්සේ දී මාට්ටු

Share

ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ‍අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදි ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි මිලිග්‍රෑම් 20ක් සහ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රැම් 200ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වෙයි.

ඔහු අද (28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News