නිවසක් තුළ සිටි කාන්තාවක් කපා කොටා ඝාතනය කරයි

Share

බදුල්ල පොලිස් වසමේ කයිලගොඩ ප්‍රදේශයේ අද (28) උදෑසන දෙමහල් නිවසක උඩුමහලේ දී කාන්තාවක් පිහියකින් කපා තුවාල සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

 

බදුල්ල පොලීසියට ලද පණිවිඩයක් අනුව ගොස් පරීක්ෂා කිරීමේ දී බෙල්ලේ කැපුම් තුවාල සහිතව බිම වැටී සිටි මෙම කාන්තාව බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු අංක 47 ඒ, ශ්‍රීන්ලේව් ඩ්‍රයිව්, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read more

Local News