විග්නේශ්වරන්ට එරෙහි නඩුවක් කල් යයි

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තියෙන පැමිණිල්ලේ විභාගය මැයි මස 18 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

 

මෙම පැමිණිල්ල අද (28) අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී දෙපාර්ශවය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය මැයි මස 18, 19 සහ 20 යන දිනවල පැවැත්වීමට සිදු කළේය.

උතුරු පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

2017 වසරේ එම අමාත්‍යධූරයෙන් තමා ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉවත් කළ බවත් ඊට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් පැමිණිලිකරු පවසයි.

එම නඩුව විභාග කළ අභියාචනාධිකරණය තමන්ව නැවත අදාළ අමාත්‍යධුරයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන තිබුණත් එය ක්‍රියාත්මක කිරීම හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා පවසයි.

මේ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Read more

Local News