පැය 12කදී චීනයේ සිට ගුවන් යානා 7ක් මෙරටට

Share

අද (28) පෙරවරු 6.00න් අවසන් වූ පැය 12ක කාලය තුළ චීනයේ චීනයේ කුංමිං, ෂැංහයි, බෙයිජිං සහ චොංකිං යන ගුවන් තොටුපළ වල සිට ගුවන් සේවා තුනක ගුවන් යානා 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

එම ගුවන් යානා වලින් ශ්‍රී ලංකාවට පැමිණි කිසිම ගුවන් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන නොමැත.

චීනයේ කුංමිං සිට පැමිණි ගුවන් යානා දෙකකින් එරට උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 65 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

ඔවුන් පරීක්ෂා කර බැලූ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, එම සිසුන් රෝගයකින් නොපෙළෙන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් වෙත යවා තිබේ.

ගුවන් තොටුපළ සමස්ථ කාර්යය මණ්ඩලයම කොරෝනා වෛරසය පිළිබඳව ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින්, මුඛ ආවරණ ද පැළද තම රාජකාරී ඉටු කරති.

Read more

Local News