බස්රථවලින් ගංජා ප්‍රවාහනය කළ 2ක් අත්අඩංගුවට

Share

පුලියන්කුලම, පුතූර් හන්දිය ප්‍රදේශයේදී බස්රථවලින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

යුද හමුදා සහ පොලිස් නිලධාරීන් එක්ව යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථ දෙකක් පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 550 ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ කේරළ ගංජා ග්‍රෑම් 690 ක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 23 හැවිරිදි සහ 36 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද (28) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News