නිදහස් දිනයේ සියලුම සුරාසැල් වැසෙයි

Share

2020 ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පෙබරවාරී මස 4 වන දින දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

 

එමෙන්ම නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ඡාවාරම් කිරීම වැළැක්වීම සඳහා ද ඒ අනුව නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සඳහා සුරාබදු නිලධාරීන් 1000 ක් පමණ යෙදවීමට නියමිතව ඇත.

මහජනතාවගේ පැමිණිලි බාර ගැනීම සඳහා 1913 කෙටි දුරකථන අංකය පැය 24 පුරාම විවෘතව පවතියි.

Read more

Local News