කොරෝනා පාලනය කරන්න ආණ්ඩුවට සහය දෙන්න විපක්ෂය සූදානම්

Share

අධි අවධානමක් සහිත වෛරසයක් පැතිර යෑමේ අවධානමක් සහිත මොහොතක පාර්ලිමේන්තුවේ මීළග සභාවාරය පැමිණෙන තෙක් නොසිට, කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කර ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව සාකච්ඡා කර, මෙම අවධානමට මුහුණ දීමට සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.

 

විපක්ෂය ලෙස මෙම අභියෝගයට මුහුණ දීමට රජයට අවශ්‍ය සියලු සහය ලබාදීමට සූදානම් බව ද මාරසිංහ මහතා පවසා සිටියේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (28) සිරිකොත,එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙරට තුළ දැඩි අවධානම් සහිත වෛරසයක් හදුනා ගැනීම සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් නොමැති බැවින් එම පහසුකම් සකසා ගැනීමට හා එම පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා විශේෂ පුහුණුව ලද අණුක ජීවවිද්‍යාඥයින් සිටියත්, ඔවුන්ව සේවයට බදවා ගෙන නොමැති බැවින් ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු කිරීම රජය සතු වගකීමක් බව ද මාරසිංහ මහතා සඳහන් කළේය.

 

Read more

Local News