19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි

Share

අධිකරණයේ ස්වාධිනත්වය ඇති කිරීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

 

ගාල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රටේ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස් වීමක් සිදු විය යුතු බව වි‍ශ්වාස කරන බවයි.

හඬපටවලින් හෙළි වු කරුණු අනුව අධිකරණය, පොලීසිය හා රාජ්‍ය අංශය ස්වාධීන කිරීමට කළ පෙළඹීම නැති වී ගොස් ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා පැවසීය.

අධිකරණයට හා පොලීසියට දේශපාලඥයින් ඇඟිලි ගසන ආකාරය පෙනී ගිය බවත් පැවසු ඒ මහතා, රාජ්‍ය සේවයට බලපෑම් කළ යුගයක් දැක ගත හැකි වු බවත් කියා සිටියේය.

එවන් කණ්ඩායම් රාජ්‍ය සේවයේ හා පොලීසියේ ස්වාධීනත්වය විනාශ කර ඇති බැවින් එම ව්‍යවස්ථා සංශෝධනය ජනතා අපේක්ෂා ඉටු කරන බවත් පෙනී යන්නේ නැතැයි ද ඒ මහතා පැවසීය.

Read more

Local News