කොරෝනා වෛරසය ආසාධිත බවට සැක රෝගීන් 23ක් IDH රෝහලේ

Share

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත රෝගීන් 23 දෙනෙකු පසුගිය 24 වනදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

 

මෙම රෝගීන්ගෙන් 8 දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

වෛද්‍ය වාර්තා ලැබුණු තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තා වල සඳහන් වෙයි.

අනෙක් දෙදෙනාට කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News