අපි අවධානයෙන් සිටිනවා – වෛද්‍ය අනිල් ජාසිංහ

Share

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් බරපතළ ආපදා තත්ත්වයක් ශ්‍රී ලංකාවට බලනොපානු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනිල් ජාසිංහ මහතා  “අපි අවධානයෙන් සිටිනවා-නමුත් අපි බලාපොරොත්තු වන්නේ නෑ මහා විශාල ආපදාවක් ලංකාවට එනවා කියලා“ යනුවෙන් ද පැවසීය.

එමෙන්ම මධ්‍යම ආදායම්ලාභී රටක් වුවත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ සෑම කිලෝමීටර් 2 කටම එක් රෝහලක් ඇති බවත් වෛද්‍යවරයා කියා සිටියේය.

බෝවන රෝගීන් සිටී නම් ඔවුන්ට එකවර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් නොමැති වුවත් එය පියවරින් පියවර සිදු කරන බවත්, කිසිසේත්ම එවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවන බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News