හැටන් අනතුරකින් තිදෙනෙක්ට තුවාල

Share

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ සිදුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පැවසීය.

 

නල්ලතන්නියේ සිට මිගමුව දක්වා විදේශිය සංචාරකයින් තිදෙනෙකු රැගෙන ධාවනය වු වැන් රථයක් පිටුපසින් දික්ඔය සාංචිමලේ ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක්, මෝටර් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ වේගය ත්‍රිරෝද රථ රියදුරාට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ධාවනය වු වැන් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බව වාර්තා වේ.‍

අනතුරෙන් මොටර් රථයට සුළු අලාභ හානි සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

අනතුරෙන් විදේශිකයන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවත් අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.

Read more

Local News