කොරෝනා සැලකිය යුතු ලෙස පැතිරිලා – මහාචාර්ය මලික්

Share

චීනයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යාමෙන් වෛරසය මිනිසා හා මිනිසා අතර සැලකිය යුතු ලෙස පැතිරී ඇති බව පෙනෙන බව ‍වෛරස් පිළිබඳව විෂෙඥයෙක් වන ශ්‍රී ලංකා ජාතික මහාචාර්යවරයෙක් වන මලික් පීරීස්.

 

හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන මලික් පීරිස් මහතා පවසන්නේ සිද්ධීන් අධීක්ෂණය හා රෝග විනිශ්චයන් පුළුල් ලෙස ව්‍යාප්ත වීම මගින් මෙම වැඩිවීම පැහැදිලිව පෙනෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස් හදිසි කමිටුවේ උපදේශකයෙකුද වන පීරිස් මහතා පැවසුවේ වෛරස් රෝගීන් වාර්තා වූ රටවල්වල මේ දක්වා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය වීමක් සිදුව නොමැති බවයි.

මිනිසුන් අතර වෛරසය පැතිරෙන්නේ කෙසේද සහ කුමන අවධියේදී අන් අයට ආසාදනය විය හැකිද යන්න පිළිබඳව වඩාත් සවිස්තරාත්මක තොරතුරු ගෝලීය සෞඛ්‍ය ප්‍රජාව චීනයෙන් අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.

2003 වසරේදී ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වූ සර්ස් රෝගයට හේතුවූ වෛරසය සොයාගත් මහාචාර්යවරයාද වන මලික් පීරිස් මහතායි.

Read more

Local News