කුල දරුවන් 100ක් සසුන් ගත කරයි (ඡායාරූප)

Share

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද (29) පැවැත්විණ.

 

රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර  මාහිමියන් අපවත්වී එදිනට වසර 134ක් සපිරේ.

එම අවස්ථාව නිමිතිකොටගෙන ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් සියදෙනෙකු සසුන්ගත කිරිමේ වැඩසටහනක් අද උදෑසන සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දි සංවිධානය කර තිබුණේ එම නිකායේ සංඥා ලේඛකාධිකාරී  අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ මූලිකත්වය ඇතිවය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  අනුනායක මාතලේ ධම්ම කුසල නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් ප්‍රධාන දිවයින  පුරා මහ සඟරුවන දහසකට අධික නමක් එම අවස්ථාව නියෝජනය කළහ.

 

Read more

Local News