වැදගත්වන වෙන්නේ ජය ගැනීම බව ගාමිණි ලොකුගේ කියයි

Share

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ විද්වත් බව නොව ජයග්‍රහණය කළ හැකිද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

 

අරලියගහ මන්දිරයේ ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දන්වන පක්ෂ නායකයන්ගේ රැස්විමක් ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දි පැවැත් විය.

පැය දෙක හමාරකට ආසන්න කාළයක් පැවති සාකච්ඡාවේදි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු දේශපාලන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ මීට පෙර පැවති මැතිවරණ වලදි ඉදිරිපත් වු අපේක්ෂයන්ට පාර්ලිමේන්තුවට තෙරි පත් වුයේ ජනතාවගේ ඡන්දය මත බවයි.

එම නිසා විශේෂයෙන් විද්වත් අපේක්ෂකයන් යනුවෙන් පිරිසක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඒ මහතා පැවසීය.

එහිද එක්සත් ජාතික පක්ෂයෙන පොදු ජන පෙරමුණට එකතු වීමට සුදානමින් මන්ත්‍රීවරුන් පිරිසක් සිටිද යන්න සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ් කළේය.

එහිදි අමාත්‍යවරයා පිලිතුරු දෙමින් පැවසුවේ එවැන්නක් තවමන් සිදු වී නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවයක් සිය පාර්ශවයට නොමැති බවත් එලෙස පැමිණිමට කැමැත්තෙන් සිටි නම් ඔවුන් ජයග්‍රාහනය කර පෙන්වා පැමිනිය යුතු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

Read more

Local News