බැඳුම්කර වංචනිකයින්ට නඩු පැවරිය යුතු බව කංචන කියයි

Share

මහබැංකු බැදුම්කරණ ගණුදෙනුව පිළිබද වෝහාරික විගණන වාර්තාවන පදනම් කරගනිමින් හෝ බැදුම්කර වංචනිකයින්ට නඩු පැවරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

 

අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ කාලය තුළ සංවිධානාත්මකව බැදුම්කර වංචා සිදුවී නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහද් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“2002-2004 තුළ වාර්තාව සකස් කිරීම සඳහා කිසිම ලේඛනයක් මහ බැංකුව විසින් ලබා දුන්නේ නෑ.

ඒ ලේඛන අස්ථානගතවෙලා.

ඒ නිසා 2002-2004 තුළ සිදු වූ වංචා විමර්ශනය කරන්න බෑ.

2002-2004 රනිල් අගමැති ලෙස කටයුතු කළ කාලය.

හැබැයි විගණන වාර්තාව පටන් ගන්නේ 2005 සිට.

2005 – 2015 කාලය තුළ රු.බි.10ක අලාභයක‍් වුණා කියලා කියනවා.

නමුත් ඔවුන් කියන්න අසමත් වන දේ තමයි 2005 – 2015 කාලය තුළ බැදුම්කර නිකුත් කරලා තියෙන්නේ රජයේ ආයතන 4කට.

ඒ අර්ථසාධක අරමුදලට, ලංකා බැංකුවට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හා මහජන බැංකුවට.

අලාභය මහබැංකුවට සිදුවුණත් ලාභ ලබාගෙන තියෙන්නේ රජයේ ආයතන 4ක්.

සංවිධානාත්මකව ලාභයක් හෝ අලාභයක් ලබා ගන්න හිටපු අධිපති, හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු මුදල් ඇමතිවරයා කටයුතු කළා කියලා වාර්තාවේ සඳහන් වෙලා නෑ.

2015-2017 දී මහ බැංකුවට රු.බි.9ක අලාභයක් සිදුවුණා කියලාත් සඳහන්.

ඒ රුපියල් බිලියන නවයේ සියයට 70කට වැඩිය මහා බැංකුවට අලාභ වෙනකොට ලාභය සිදුවුණේ පෞද්ගලික සමාගමකට.පර්පෙචුඑල් ට්‍රෙෂරීස් සමාගමට.

පර්පෙචුඑල් ට්‍රෙෂරීස් ලබන ලාභය රටට හිමිවෙන්නේ නෑ.

ලාභය එක්තරා කණ්ඩායමක් වෙනුවෙන් විතරයි.

පර්පෙචුඑල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංෂ වැඩිවෙලා මෙම වාර්තාව පදනම් කරගෙන.

මේ විගණන වාර්තාව පදනම් කරගෙන හරි කමක්නෑ බැදුම්කර වංචාකරුවන්ට නඩු පැවරිය යුතුයි.”

Read more

Local News