මනෝවෛද්‍ය ජොන්සි මහතා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග වැඩ ආරම්භ කරයි

Share

ශ්‍රී ලංකා පිලේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ක්‍රිකට් ආයතනයේ එකඟතාව මත ශ්‍රී ලංකාවට පැමිණි මනෝවෛද්‍ය ජොන්සි මහතා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ඊයේ (04) ක්‍රිකට් ආයතනයේදී වැඩ ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කෙරෙහි අවධානය යොමු කරමින් එක් එක් ක්‍රීඩකයා සතු විශේෂ හැකියාවන් හඳුනා ගැනීමටත්, එක් එක් ක්‍රීඩකයා සමග සන්නිවේදනය කළ යුතු ආකාරය අධ්‍යයනය කිරීමටත් කටයුතු කරමින් සිටී.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමගත්, කලක් බංග්ලාදේශ කණ්ඩායම සමගත් කටයුතු කර ඇති මනෝවෛද්‍ය ජොන්සි මහතා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, බේස්බෝල් තරගාවලිය, ලීග් රගර් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහා සිය සේවය ලබා දී ඇති පළපුරුදු මනෝවෛද්‍යවරයෙකි.

ඔහුගේ සේවය වරින් වර කණ්ඩායමට ලබාගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළ කර තිබේ.

Read more

Local News