උසස් පෙළ දරුවන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබයි

Share

සාමාන්‍ය පෙළින් උසස් පෙළ හැදෑරීමට යන සියලු දරුවන්ට හා උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට යොදා අවසන් බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට ඊයේ (4) අත්සන් කළ බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම කැබිනට් පත්‍රිකාව ලබන සතිය වනවිට අනුමත වීමෙන් පසු ටෙන්ඩර් කැඳවා අවශ්‍ය පරිගණක ලබා ගැනීමෙන් පසු ඉතා සීමිත දින ගණනක් ඇතුළත විදුහල්පතිවරුන්ට තමන්ගේ පාසල්වලට අවශ්‍ය ටැබ් පරිගණක ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

Read more

Local News