ඩිජිටල් ‍ඉගෙනුම් තාක්ෂණය පාසල් අධ්‍යාපන පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමට අවධානය

Share

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සාක්ෂාත් කිරීමට සක්‍රීයව දායක විය හැකි, නූතන තාක්ෂණික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට සමත් විශිෂ්ට ගුරු පරපුරක් නිර්මාණය කිරීම අරමුණ අැතිව ඩිජිටල් ‍ඉගෙනුම් තාක්ෂණය පාසල් අධ්‍යාපන පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ඵලදායී ඉ – ඉගෙනුම් පරිසරයක් පාසල තුළ නිර්මාණය කළ හැකි පරිදි ඩිජිටල් ඉගෙනුම් ආධාරක නිර්මාණය කිරීම, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, නිර්මාණාත්මක ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් සකස් කිරීම ඇතුළු ඉ – ඉගෙනුම් කාර්යයන් රැසක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව ඊට අදාළ සම්පත් පුද්ගල සහාය සහ ඩිජිටල් පහසුකම් ලබාගැනීමට පියවරගෙන තිබේ.

Read more

Local News