පසුගිය වසරේ දී යතුරුපැදි අනතුරුවල වැඩිවීමක් – පුද්ගලයින් 1092ක් මරණයට

Share

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති පවසන පරිදි පසුගිය 2017 වසරේ දී යතුරුපැදි අනතුරුවල යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඒ අනුව යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1092ක් මරණයට පත් ව ඇත.
2017 වසරේ දී රියඅනතුරු හේතුවෙන් පුද්ගලයන් 3060කට ජීවිත අහිමි වී ඇති අතර 2016 වසරේ දී පුද්ගලයින් 3020කට ජීවිත අහිමිව ඇත. 2016 වසරේ දී අනතුරු 39200ක් වාර්තාව ඇත. ඒ අනුව 2016 වසරට සාපේක්ෂව බැලීමේ දී 2017 වසරේ දී රියඅනතුරු හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබේ.
එමෙන් ම පසුගිය වසර ඇතුළත දී පදිකයින්, යතුරුපැදි, වෑන්වලින් සිදුව ඇති අනතුරු ප්‍රමාණයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන අතර ත්‍රිරෝද හා මෝටර් රථ අනතුරුවල යම් ප්‍රමාණයක අඩුවීමක් දක්නට ලැබෙයි. 2017 වසරේ දී පෞද්ගලික බස්රථ අනතුරු 187ක් ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 55ක් ද වාර්තා ව ඇත. එය 2016 වසරේ දී පිළිවෙළින් 162ක් හා 49ක් වේ.

Read more

Local News