මනෝ තිත්තවැල්ල මහතා අභාවප්‍රාප්ත වේ

Share

හිටපු මහජන බැංකු සභාපති මනෝ තිත්තවැල්ල මහතා අද ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වී ඇත. ඒ මෙල්බර්න් නුවර නුවර රෝහලක දී ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරියගේ ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන්ද 2003 – 2005 ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා, ක්ෂමා ආයතනයේ පළමු සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

පර්ක් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ තිත්තවැල්ල මහතා යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ද සේවය කළේය. එසේම සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ද වෙයි.

Read more

Local News