මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අද අගමැති පිළිතුරු දෙයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සිදු කිරිමට නියමිතව තිබේ.

 

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.

අද පස්වරු 01.00සිට පස්වරු 01.30 දක්වා කාලය ඒ සඳහා වෙන් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු කාරක සභා සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර අවසන් කිරිමත් සමඟ අහෝසි වූ කාරක සභා සඳහා වන නව සාමාජිකයින්ගේ නම් දේශපාලන පක්ෂ විසින් කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

කාරක සභා සාමාජිකයින් නිවේදනය කිරිමෙන් අනතුරුව එම කාරක සභා රැස්විමට නියමිත අතර එහිදී ඒවායේ නව සාභාපතිවරු පත් කිරිම ද සිදු වනු ඇති.

පසුගිය දෙසැම්බර් මස 03 වන දින පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමඟ පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10ක් අහෝසි විය.

මේ අතර අද දිනයේ පසුගිය රජය සමයේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනිම සම්බන්ධයෙන් පරිපූරක ඇස්තුමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ සමාගම්වලට මුදල් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරෙන බවයි.

Read more

Local News