වූහාන් වල සිටි තායි ජාතිකයින් 138 ක් එරටට ගෙන්වා ගනියි

Share

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති වූහාන් නගරයේ රැඳී සිටි තායිලන්ත ජාතිකයන් 138දෙනෙකු මුදාගැනීමට තායි බලධාරීන් සමත්වී තිබේ.

 

එම පිරිස නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

නව කොරෝනා වෛරසය මුල් වරට හඳුනාගත් සහ ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති වූහාන් නගරයේ සිටින තම වැසියන් මුදාගැනීමට බොහෝ රටවල බලධාරීන් මේ වන විටත් පියවර ගෙන තිබේ.

තායිලන්තයද වූහාන්හි සිටි තම වැසියන් 138දෙනෙකු මුදාගැනීමට කටයුතු කළේය.

එම පිරිස විශේෂ ගුවන් යානයකින් තායිලන්තය වෙත රැගෙන ආ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වූහාන්හි සිට පැමිණි පිරිස කොරෝනා වෛරසය ආසාදිතයන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඔවුන් නිරෝධායනය කිරීමටත් පියවර ගෙන තිබේ.

සති දෙකක කාලයක් ඔවුන් එහි රඳවා තබන බවද තායි බලධාරීන් මාධ්‍යයට පැවසුවේය.

මේ පිරිස අතර සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ශරීර උෂ්ණත්වය නියමිත මට්ටම ඉක්මවා ගොස් තිබූ බැවින් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් සඳහන්.

මේ අතර තම වැසියන් යළි ගෙන්වා ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් තායි බලධාරීන් චීන රජයට සිය ස්තූතිය පල කළේය.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ටොන් හතරක් චීනය වෙත යැවීමටත් තායිලන්තයේ මහාවජිරලොන්කොන් රජු පියවර ගෙන තිබේ.

Read more

Local News