එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් කඩුළු 7ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (04) සමත් විය.

 

ඒ අනුව තරඟ 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට 1ට 0ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගෙන සිටී.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවි ලකුණු 258ක් රැස්කර ගත්තේය.

ලකුණු 259ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුළු 3ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේය.

නායක ක්වන්ටන් ඩී කොක් එක්දින ක්‍රිකට් දිවියේ 15 වැනි ශතකය රැස් කළ අතර තරඟයේ වීරයා ක්වන්ටන් ඩී කොක්.

Read more

Local News