ඉන්දීයාව පරදා නවසීලන්තයට කඩුලු 4ක ජයක්

Share

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (05) සමත් විය.

 

ඒ අනුව තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලිය තරඟ 1ට 0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 347ක්.

ලකුණු 348ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රොස් ටේලර් පන්දු 84කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 109ක්.

Read more

Local News