අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුල පිරිහි යන බලය රැක ගැනිම සඳහා විශාල වශයෙන් ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පවසයි.

 

අද (10) කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට සහභාගි විම සඳහා පැමිණි අවස්තාවේ මාධ්‍යයට අදහස් දක්වමින් එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යයවරයා මේ බව කියා සිටියේය.

කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුපෝගභෝගි වාහන මෙසේ මැති ඇමතිවරුන්ට ලබා දි ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ පිරිහි යන බලය රැක ගැනිමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුල පිරිහි ඇති බව ද ඒ මහතා පැවසීය.

තවද, අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපැම් සිදු කර එම වාහන ගෙන්වා ඇති බවත්, මාර්තු 20 දින පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් 25 දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවද එස්.බි.දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

Read more

Local News