ජනවාර්ගික ගැටුමකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට

Share

ජනවාර්ගික ගැටුමක් හේතුවෙන් කසකස්තාන වැසියන් බොහෝ පිරිසක් අසල්වැසි කිර්ගිස්තානයට පලාගොස් තිබේ.

 

කසාක් වැසියන් සහ චීන සම්භවයක් සහිත ඩුන්ගන් ජාතිකයන් අතර පසුගිය සිකුරාදා ගැටුමක් හටගෙන තිබුණි.

ඒ එරට දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ජම්බිල් කලාපයේදීයි.

ගැටුමින් පුද්ගලයන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුණි.

ගැටුමින් අනතුරුව පුද්ගලයන් රැසක් අසල්වැසි කිර්ගිස්තානයට පලාගොස් තිබේ.

ඇතැම් පුද්ගලයන් දේශ සීමාවෙන් එහා වෙසෙන සිය ඥාතීන් වෙත ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කසකස්තානයේ සිට පැමිණෙන හිතවතුන් පිළිගැනීමට කිර්ගිස් වැසියන් බොහෝ පිරිසක්ද දේශ සීමාවට පැමිණ සිටි බව සිදුවීම ඇසින් දුටුවන් මාධ්‍යයට පවසා තිබුණි.

පළාගිය පිරිස අතර කාන්තාවන්, ළමුන් හා වැඩිහිටි පුද්ගලයන් බොහෝ පිරිසක් සිටි බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

වාර්ගික ගැටුම හටගෙන ඇත්තේ කුමන සිදුවීමක් මුල්කරගෙනද යන්න අනාවරණවී නැතත් ගැටුම මුළුමණින් සමතයකට පත්ව තිබූ බව කසාක් ජනපත් කාසිම් ජොමාට් ටොකායෙෆ් මාධ්‍යයට පැවසුවේය.

යළිත් ගැටුමක් ඇති නොවනු පිණිස අල්මාටි නගරයේ වෙළඳපොලක් වසා දැමීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

තම රට තුළ ජාතීන් සියයකට පමණ අයත් ජනතාව සහයෝගයෙන් වාසය කරන බවද කසාක් බලධාරීන් මාධ්‍යයට පවසා ඇතැයි සඳහන්.

Read more

Local News