අනාගතයේදී චොක්ලට් නැති වෙවිද?

Share

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස කොකෝවා ශාක විනාශ වී යෑම ආරම්භ වී අැති බව අනාවරණය වී තිබේ. එම නිසා තවත් වසර 30කට පමණ පසුව එන පරම්පරාවන්ට චොකලට් පෙත්තක රසය විඳින්නට අවස්ථාවක් නොලැබී යනු ඇතැයි කියා කෘෂි විශේෂඥයෝ සැක මතු කරති.

ඔවුන් ඒ බව ප්‍රකාශ කරන්නේ කොකෝවා වගාව මේ වන විට විනාශ වී යෑමේ අවදාමකට ලක්වෙමින් පවතින බැවිනි.

චොකලට් නිෂ්පාදනය කිරීමට කොකෝවා බීජ අවශ්‍යම වේ. එම බීජ ලබා ගැනෙන කොකෝවා ශාක වර්ධනය වන්නේ ඉහළ අර්ද්‍රතාවක් සහ ඉහළ වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවලය. ඒ අනුව සමකයෙන් අංශක 20ක් උතුරට සහ දකුණට විහිදී ඇති ප්‍රදේශවල කොකෝවා වඩාත් හොඳින් වර්ධනය වෙයි.

 

Read more

Local News