ගණකාධිකාරි III සේවයේ විභාගය නැවත ලබන ජනවාරී 27 සිට

Share

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත/විවෘත තරග විභාග නැවත ලබන ජනවාරී 27, 28 සහ පෙබරවාරී 03 යන දිනයන්හි පවත්වන බව විභාග කොමසාරිස් සඳහන් කරයි.

2017 අප්‍රේල් 22,23 සහ 29 දිනයන්හි පැවැත්වූ මෙම විභාගය ඒ අනුව අවලංගු වන බව විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

කොළඹ සහ යාපනය විභාග මධ්‍යස්ථාන 57කදී මෙම විභාගය පැවැත්වෙන අතර  අයදුම්කරුවන් 8837 ඒ සඳහා පෙනී සිටීමට නියමිතය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යවලින් විෂයන් 6කින් මෙම විභාගය පැවැත්වේ.

Read more

Local News