පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදි

Share

පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදි පැවැත්වේ.

 

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00 ට එය පැවැත්වෙන බවයි.

මෙහිදී රන්ජන් රාමනායක මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට භාරදී අති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම පිළිබඳව පක්ෂ නායකයින් අතර වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පසුගිය සිකුරාදා රැස් වූ පක්ෂ නායකයින් තීරණය කළේ, මේ වනවිට භාරදී ඇති හඬපටවල අන්තර්ගත අසභ්‍ය හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කොටස් ඉවත් කර ඒවා මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලය වෙත යොමු කිරීමටය.

මීට අමතරව ලබන 17 හා 18 යන දිනවල පැවැත්වීමට නියමිත බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තා සම්බන්ධ විවාදය පිළිබඳව ද අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි සතිය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව ලබන 18 වැනි දා පස්වරු 1.00 ට යළි රැස්වීමට නියමිතයි.

Read more

Local News