කොල්ල කල්ලියක් කතකට පහරදී රන්මාලය කොල්ල කා පලා යයි

Share

බදුල්ල, තල්දෙන බෝලියද්ද ප්‍රදේශයේ නිවසකට ඇතුල් වූ කොල්ල කල්ලියක් විසින් එම නිවසේ කාන්තාවට පිහියක් පෙන්වා බියගන්වා පහරදී රන්මාලය හා තැල්ල කොල්ල කා පලා ගොස් ඇත.

 

පලාගිය සැකකරුවන් සොයා බදුල්ල පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ආරක්ෂක කැමරා දර්ශන හා පොලිස් නිල සුනඛ හෝඩුවාවන් ද විමර්ශන සඳහා උපයෝගි කරගෙන තිබේ.

ඊයේ සවස සිදුවු මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

බදුල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News