සිංහල ජනයා කල්පනා කරන දෙයක් ගැන අලි සබ්රි කියයි

Share

ජාතීන් අතර දුරස්ථභාවයක් නිර්මාණය කරනු වෙනුවට සමඟිය ඇතිකිරීම සඳහා පාලම් නිර්මාණය කර යුතුව ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

 

ඊයේ පස්වරුවේ මරදාන සහීරා විදුහලේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතීන් අතර ඇති සැක බිය දුරු කරගැනීමට නම් විවෘතව එකිනෙකා අදහස් හුවමාරු කරගත යුතු බවයි.

“අපි මේ රටේ එකිනෙකා පිළිබඳව ලොකු සැකයකින් ඉන්නවා, ලොකු බියකින් ඉන්නවා.

මුස්ලිම් ජනයාගේ පැත්තෙන් ප්‍රශ්නය තමයි මොනවෙලාවේ අපිට ප්‍රශ්නයක් වෙයිද කියන එක.

සිංහල ජනයා කල්පනා කරනවා මොනවෙලාවේ බෝම්බයක් පිපිරෙයිද කියලා.

මේ දෙගොල්ලන්ටම තියෙනවා.

මේ බය නිවන්න අපි පාලම් බඳින්න ඕනේ.

එකට එකතු වී කතා කළ හැකිනම් අපිට තේරෙයි මේ රටේ කවුරුත් කාටත් විරුද්ධව කුමන්ත්‍රණ නොකරන බව.

සියලු දෙනාට අවශ්‍ය සාමයෙන් රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය බව.”

Read more

Local News