කොවිඩ් 19 අප්‍රිකානු කලාපයටත් ව්‍යාප්ත වෙයි

Share

රටවල් රැසකට පැතිරිගිය නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 1,525 දක්වා ඉහළ ගොස් ඇත.

 

අප්‍රිකානු කලාපය වෙතද ව්‍යාප්ත වෙමින් වෛරසය ආසාදිත පුද්ගලයෙකු ඊජිප්තුවෙන් හමු වී තිබුණි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන අද වනවිට 1,525 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතරින් මරණ 02ක් පමණක් චීනයෙන් පිටත සිදුවූ අතර ජපානයෙන් සහ පිලිපීනයෙන් එම මරණ වාර්තා වුණි.

ආසාදිතයන් ගණන 66,000 ඉක්මවා ගොස් අවසන්.

කෙසේ වෙතත් 8096 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ආසාදිතයින් 11 053 දෙනෙකු තවමත් බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්.

අප්‍රිකානු කලාපය වෙතද ව්‍යාප්ත වෙමින් වෛරසය ආසාදිත පුද්ගලයෙකු ඊජිප්තුවෙන් හමු වී ඇත.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පසුව ආසාදිතයෙකු වාර්තා වන මැද පෙරදිග කලාපයේ දෙවන රට වන්නේද එයයි.

ආසාදිතයා විදේශිකයෙකු වන අතර එම පුද්ගලයා රෝහලක හුදෙකලාව රඳවා තබා ප්‍රතිකාර කරන බව එරට සෞඛ්‍යය අමාත්‍යංශය පවසයි.

එම පුද්ගලයා ගේ තත්ත්වය බරපතල නොවන බවද ඔවුන් සඳහන් කළේය.

මේ අතර බීජිං අගනුවර වෙත පැමිණෙන සියලුම දෙනා දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස එහි බලධාරීන් නියෝග කර ඇත.

නියෝග නොතකා ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් ඔවුන් පියවර ගෙන  තිබුණි.

මේ අතර සෞඛ්‍ය සේවකයින් 1700කට  වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින්  6 දෙනෙකු මියගොස් ඇත.

චීන රජය පවසන්නේ  වගුගත කරන ආකාරය වෙනස් කිරීම වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන මෙතරම් ඉහළ අගයක් ගැනීමට හේතු වී ඇති බවයි.

වෛරසය ආසාදිත සියලුම රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් පරීක්ෂාවට ලක් කර නොමැති හෝ සදොස් පරීක්ෂණ හේතුවෙන් වෛරසය ආසාදිත බවට තහවුරු වී නොමැති පුද්ගලයින් ද මේ වනවිට එම වගු ලේඛනවලට ඇතුළත් බව ඔවුන් පෙන්වා දෙයි.

Read more

Local News